ලොව විශිෂ්ටතම පිරමිඩය
'' සිරිපා පහස ලද සමනල කන්ද ''
හෙළ ජාතිය පිටසක්වලින් පැමිණි ජාතියක් විය හැකි යයි සිතු ඇමෙරිකාවේ නාසා ආයතනය පිටසක්වල ජිවින්ට යැවූ සම පණිවිඩයේ දෙවන්නට සිංහල බස ඇතුලත් කළේය හෙළයන් පිළිබඳව එසේ හිතන්නට කරුණු කරනද නැතුවද නොවේ. එයට බල පැ ප්‍රදාන කරුණ වුයේ ලාංකිකයන් ලෙස අප පිලින්ගත් රවන තාක්ෂනය ඇමෙරිකානු පනස් එක් වෙනි ජනපදය පර්යේෂණ තුලින් සනාථ කිරීමයි.
අපට රවන යුගය මිත්‍යාවක් වුවද එය දිනෙන් දින නව තාක්ෂනය සොයන පංච මහා බලවතුන්ට නම් ය මිත්‍යාවක් නොවේ විශ්වය පුර දියුනි ජීවි වර්ග හය දහසකටත් අදික සංක්‍යාවක් ජිවත් වන බව මේවන විට සොයාගෙන අහමාරය. රවන පරපුර නොහොත් සුර්යාගේ පරපුර පෘතුවියට පැමිණියේ ඇල්නිලම් යන තාරකාවේ සිට බව විස්වාසයක් පවතී. ඇල්නිලම් තාරකාව යනු ක්ෂිතිජය පුර විසිර ඇති තරු රට අතර පිහිටි දඩයක්කාරයා නැතහොත් ඔරයන්ගේ බඳ පටියේ මද්‍යයේ ඇති තාරකාවයි.
අදින් වසර දසදහස් ගානකට පෙරදී මෙමෙ බැඳ පටියේ පිහිති තරු නැතහොත් ග්‍රහලෝක තුන ත්රිකොනකරයට පිහිට තිබුණි. අද වන විට ඇල්නිලම් ගහලෝව දෙපසින් පිහිටි ග්‍රහලෝක දෙක චුම්බක බලය මත එකපෙලට පිහිට ඇති බව විද්‍යාඥයින් සොයාගෙන ඇත.
මෙම ත්‍රිත්ව ග්‍රහලෝක තුල එකම ජීවි විශේෂයක ජනපද පිහිටි අතර එකවරම පිටසක්වල ආක්‍රමණ වලට මුහුණදීමට සිදුවිය. දිගින් දිගටම ආක්රමණකාරී තත්වය මත එම ග්‍රහලෝකවල පිරිස පරිසර පද්දතිය බින්දවැටුණි. ඇල්නිලම් ග්‍රහලොවේ පරිසර පද්දතිය පෘතුවි පරිසරයට වඩා වසර 60 ක් පමණ ඉදිරියෙන් පවතී. එසේම එය මියැදෙමින් පවතින ග්‍රහලෝකයක් බවට පත්ව ඇත.
අල්නිලම් ග්‍රහලෝක වැසියෝ (බුදුදහමට අනුව ආහස්වර ) තම බිඳ වැටෙන ග්‍රහලොව රැක ගැනීම උදෙසා නව ක්‍රම වේද සෙවුහ. හෙළ රවන පරපුර බිහිවන්නේ එලෙසය. පෘතුවිය යනු ජීවි ග්රහලොවක් වුවත් දියුණු ජීවි පරපුරක් සිටියේ නැත. දයිනොසර් වැනි මාංශ භක්ෂික ඇති විශාල ජීවින් විනාශ කරදමන්නට ඇල්නිලම් ජීවින් කටයුතු කලේ දැවැන්ත න්‍යෂ්ටික පිපිරීමක් සිදුකරමිනි. මෙම පිපිරීමෙන් ජීවි විශේෂය බහුතරයක් විනාශ වී ගිය අතර ඉන් වත්මන් ඇමර්සන් ප්‍රදේශය අශ්‍රිතව වෙසෙන සත්ව විශේෂ බොහොමයක් සුරක්ෂිත විය.
මේ ඉතිරිවූ ජීවින්ගෙන් තෝරාගත් සත්ව විශේෂයක ජාන මගින් නව මිනිස් විශේෂයක් බිහි විය. ඒ අද අප කතා කරන ප්රුථුවිවසීහුය. ඇල්නිලම් ජීවීහු තම ශිෂ්ටාචාරය ගොඩනැගීමේ ක්‍රියාන්විතය මුලස්ථානය ලෙස පැවැත්ව ගෙන ගියේ හෙලදිපයයි. එයට බලපෑ ප්‍රදාන හේතුව වුයේ මධ්‍ය ලක්ෂය හෙළ දේශය තුල පිහිටීමයි.
අනෙක් කරුණ වුයේ හෙළ ද්වීපය තුල ඉහලට හා පහලට ශක්ති ගමන් කරන විශ්ව බල කේන්ද්‍ර දෙකක් පැවතීමයි. මේ හරහා විෂවයේ සිට පැමිණෙන යානා වලට ලේසියෙන් පැමිණීමට හැකි වීමත්. පිටව යට විට ලෙහෙසියෙන් පිටව යමට ඇති හැකියාව බව විස්වාස කරයි.
හෙළ රාවණ පරපුර එලෙස බලන කල ඇල්නිලම් සිට පැමිණි ජිවින්ගේ ව්යප්තියකි. හෙළ අසුර අධිරාජ්‍යයේ ව්‍යාප්තිය හරහා ලොව පුර ශිෂ්ටාචාර ගොඩ නැගුනු බව පෙර රවන ලිපි වලින් කතා කළෙමු. පෘතුවිය ජනාවාස වීම හා මිනිස් පරිණාම වාදය පිළිබඳව මෙතෙක් පවතී මතවාදයන් බිඳ වැටි වෙනස්ම කාන්තාරයක් කරලියට පිවිස ඇත.
මේ කාරණාවට පදනම සකසුනුයේ ලොව බලවත් රටවල් පහක් එක්ව හොර රහසේ පවත්වාගෙන යන පිටසක්වල ජිවින්ගේ සබඳ තා පිලිබඳ තොරතුරු සාමාන්‍ය මිනිසුන් වෙත ගලාගෙන ඒමත් සමගය.
පිටසක්වල ජීවින් පිලිබඳ පරීක්ෂණ පැවැත්වූ මුල් කාල වකවානුවල විශ්වයට පණිවුඩ යවමින් ඔවුන් හා සම්බද තා ගොඩනැගීමට උත්සහ ගත ඇමෙරිකාවේ ඒරියා 51 පරික්ෂ කණ්ඩායම් අවදානමක්ද ගෙන කටයුතු කළහ. ඒ විනාශ කාරී පිටසක්වල ජීවි කණ්ඩායමක් පැමිණියහොත් යන වගය. ඒ සඳහා පරමාණු බාවිතා කලහැකියි සිත පෘතුවි කක්ෂයට ඔවුන් පිවිසෙන අවස්ථාවේදී පුපුරුව හරිම ඒරියා 51 කණ්ඩායමේ ඉලක්කය විය. එහෙත් එය මහා විහිළුවක් බව ඔවුන්ටම පසක් වුයේ ආලෝක වර්ෂ ගණනක් පැමිණීමට තරම් දියුණු තාක්ෂණයක්. සහිත ජීවි විශේෂයකට පරමාණු ශක්තියක් යනු රතිඤ්ඥාවක් තරම්වත් වැදගත් නොවන දෙයක් බව පස් වීමත් සමගය.
මිනිසා යනු කෘතිමව නිපදවූ ජීවියෙක් බව අද විද්‍යාව විසින් පිළිගෙන හමාරය එයට බලප ප්‍රදාන හේතුව වුයේ විද්‍යාවේ සාමාන්‍ය නියමය අනුව එකකට එකක් සම්බන්ද වෙමින් ජීවින් තුල පරිවර්තනය සිදුවුත් මිනිස් පරිණාමය තුල අවස්ථා දෙකක් අතුරු දහන වී තිබීමයි. එසේනම් යම් සත්ව විශේෂයක පරිණාමය යම් දියුණු ජීවින් පිරිසක් විසින් වෙනස් කර පැවතිය යුතුය. මෙම හේතුව මත ඇමරිකාවේ ඒරියා51 කණ්ඩායම හා පිටසක්වල ජීවින් සමග කල සංවාද හරහා මෙතෙක් ගැටළු පැවති බොහෝ තොරතුරු ටිකෙන් ටික එලිවන්නටද විය.
හෙළ අදිරාජ්ය මුල්කරගනිමින් ලොවපුරා අදිරාජ්ය හතක ගොඩනැංවිය . මෙම ගොඩනැගු ජනපද වල පාලනය ගෙනයාම සිදුවුයේ “අල්නිලම්” ගහලොකවසින්ගේ මුල්වීමෙනි අප දෙවිවරු ලෙස පිළිගත්තේ ඔවුන්වය . ඔවුන්ට පහලින් තම රාජ්‍යය ව්‍යාප්තිය සහ අල්නිලම් ග්‍රහලොවේ ජිවත් වන පිටසක්වල ජීවින්ගෙන් දිර්ගයුෂ වෙනුවෙන් නිපදවන ලද මිනිසුන් නම් සත්ව විශේෂය ජීවත්විය . මිනිසුන් නිර්මාණය කිරීමේදී ඔවුන්තුල ඇතිකරන ලද වේගවත් ව්‍යාප්තියට අදලහෝ හෝමෝන වෙනස්කම් හේතුවෙන් අති වේගයෙන් ලොවපුර ව්‍යාප්ත විය.
රවන පරපුරට අයත් ප්‍රබල බලගතු ආයුදයක් මෙන්ම රාජ්‍ය සංකේතය ලෙසින් සැලකු දම්පහ ආලෝකයක් නිකුත් කරන කුඩා ප්‍රමාණයේ “චන්ද්‍රහාස්” ලෙසින් හැදින්වෙන කඩුවද මෙම ප්‍රධාන ජනපද හත උදෙසා ලබාදුන් රාජ්‍ය සංකේත හතයි. පෘතුවිය “අල්නිලම්” ග්‍රහලොව යටතේ පාලනය වූ ගහලොවක් බැවින් මෙහි පාලන ඒකකය ගෙනගියේ එම ග්‍රහලොවේ නියෝජිතයන් මගිනි . මයා . මිසර . පෙරූ ආදී ශිෂ්ටාචාර වල මෙන්ම බොස්නියා ශිෂ්ටාචාර වලින් හමුවූ පිරමිඩ වලද මෙමෙ කදුවල රූප සටහන් දැකගත හැකිවෙයි.
සෑම ශිෂ්ටාචාරයක් තුලම ඔවුන් විශේෂිත පිරමිඩ තුනක් ගොඩනැගුහ. “ගීසා” පිරමිඩ මෙලෙස ඉදිකළ පිරමිඩ වලින් ලොව ජනප්‍රියතම පිරමිඩ ට්රිත්වයයි. මෙම පිරමිඩවල පිහිටීමත් ඔරායන් බඳ පටියේ ග්‍රහලෝක වල පිහිටීමත් එකිනෙකට සමාන වෙයි. ගීසා පිරමිඩ මෙන්ම බබිලියානු ශිෂ්ටාචාරය ගුවනින් ආ හෙළයෝ විසින් නිර්මාණය කරන ලද බව මේ වන විටත් තහවරු කරගෙන හමාරය ගීසා පිරමිඩ ලොව ජනප්‍රිය වනුයේ එය පොලව මතුපිට පැහැදිලිව දැකගත හැකි නිසාය .
නවතම සොයාගැනීම් හරහා ප්‍රදාන ශිෂ්ටාචාර හත තුලම ඉදිකර ඇති පිරමිඩ පිළිබඳව රහස් එලිවෙමින් පවතී . මේ අතර ඉන්දියාව. පේරු. බොස්නියා. ආදී රටවල පිරමිඩ පිළිබද ද තොරතුරු හෙළිවෙමින් පවතියි මෙමෙ රටවල් අතරට ලංකාවත් එක් වෙතයි පැවසුවහොත් ඔබ පුදුමයට පත්වනු ඇත. ස්වබාවික කඳු පිරමිඩ බවට පත්කිරීම මුලින්ම ක්‍රියාවට නැගුනේ හෙළ පොලවෙනි. ලොව ප්‍රථම ස්වබාවික කඳු පිරමිඩ බවට පත්කිරීම මුලින්ම කියාවට නැගුනේ හෙළ පොලවෙනි. ලොව ප්‍රථම ස්වබාවික පිරමිඩය සමනල ගිරයි . මෙතුල ප්‍රබල ක්‍රියාකාරිත්වයකින් යුත් ස්වබාවික පිරමිඩයක් පවතියි. ඉන්පසු ක්‍රියාකාරී මට්ටමේ ඇති පිරමිඩ ට්රිත්වය පිහිට ඇත්තේ බොස්නියවේය.එහි හිටු සඳු හා පොලව ලෙස නම් කල ස්වබාවික පිරමිඩ 3ක් පවතී. එලෙසම පේරූ රාජ්‍ය තුල ස්වබාවික වැලි පිරමිඩ දැකගත හැක. ඉන්පසු චීනයේ ප්‍රසිද්ද සුදු පිරමිඩයද ස්වබාවික පිරමිඩයකි. ඉන්දියාවේ කෛලාෂඨයද ස්වබාවික පිරමිඩයක් බව මේ වල විට තහවුරු කර අවසන්ය.
ගිසා පිරමිඩ බොස්නියා පිරමිඩ මෙන්ම අප රටේ රවන යුගයටත් කලින් ඔරායන් බැඳ පටියේ ග්‍රහලෝක ඉලක්ක කර ඉදිකළ විශ්මිත පිරමිඩ 3ක් පැවතුනි. ඒ රුවන්වැලි සෑය ජේතවනය හා මිරිසවටියයි. එහෙත් මෙම දාගැබ් වලට ඇත්තේ වසර දෙදහස් ගණනක ඉතිහාසයක් යයි ඔබ කියනු ඇත . නමුත් එය එසේ නොවේ . මෙම ස්ථානවල පසුකාලීනව විශාල දාගැබ් ඉදිවූවා මිසක නොමැතිනම් පිරමිඩ සගවා දැමුවා මිස අලුතින් ඉදුවුයේ නැත . mema දාගැබ් හා ගීසා පිරමිඩ තවමත් ක්‍රියාත්මක වෙමින් පවතී
පිරමිඩ යනු ශක්ති ගබඩා කොට එම ශක්තිය තම මව් ලොවට ලබාදෙන මද්යස්තනයන්ය. මෙහි දාගැබ හරහා එම ගහලෝක තුනට අවශ්‍ය ජලය ගමන් කිරීම සිදුවන අතර ගීසා පිරමිඩය හරහා එමලොවට අග්නි කදම්භ ප්‍රවාහනය වීම සිදුවෙයි.
සමනල ගිර මෙම පිරමිඩ වල මධ්‍යස්ථාන ලෙසින් ස්වාබවිකවම ක්‍රියාත්මක වෙයි. බුදු බණට අනුවද දෙවියන් ජීවත්වනුයේ මිනිසුන්ගේ ශිත්ත ශක්තිය මත යපෙපිණි. අපි පින් දීම යනු අපේ චිත්ත ශක්තිය ඔවුන් ආරෝපණය කරගැනීමයි. සමනල ගිර යනු අති බහිතර ලෙස ශක්තිය ආරෝපණය කරගනිමින් ක්‍රියාත්මක වන ශක්ති ගබඩාවකි. එනම් “අල්නිලම්” නැතහොත් අහස්වර වාසි දෙවියන්ගේ දේව ශක්තිය වර්දනය කිරීම උදෙසා චිත්ත ශක්තිය වඩවන පිරමිඩයකි. මේ සියල්ල අදටත් ක්‍රියාත්මක වෙමින් පවතී. අපට මෙය අරුමයක් වුවත් ඇමරිකාවට හෝ චීනයට මෙය අරුමයක් නොවේ.
ඔවුන් විශ්ව ජීවින්ගෙන් සියලු රහස් දැනගෙන සිටින නිසාය . රවන පරපුර නැතහොත් පෘතුවි ජනාවාස කල මුල් පරපුර පිටසක්වල ජීවින් වුවත් අප සහ ඔවුන් අතර ලේ සබඳතා තිබේ.
(රන්දිව පුවත් පත ඇසුරෙන් )
(රන්දිව පුවත් පත ඇසුරෙන් )